Friday, December 23, 2016

එන්ජින් ඔයිල් ගැන දැනගනිමු

ඔයාගේ වාහනේට දාලා තියන එන්ජින් ඔයිල් එක මොකක්ද? ඔව් වාහන හිමියෙක් වුනාම ඒක නොදැන ඉන්න විදිහක් නෑ. හැබැයි ඔයා වාහනේට දාලා තියෙන්නෙ වාහනේට ගැළපෙන හරිම එන්ජින් ඔයිල් එකද? කවුද වාහනේට එන්ජින් ඔයිල් දැම්මෙ? ඔව් සර්විස් එකේදි තමයි දැම්මෙ. හැමදාම උදේට ඔයිල්කූර චෙක් කරාට විතරක් මදි. එන්ජින් ඔයිල් ගැනත් දැනගෙන ඉන්න ඕන. හරි අද අපි කතා කරමු අන්න ඒ ගැන.
Viscosity
ඒ කියන්නෙ උකුගතිය. මේක රේට් වෙන්නෙ ෆැරන්හයිට් අංශක 0 දි උකුගතියද W අකුරෙන් Winterද සහ ෆැරන්හයිට් අංශක 212 දි උකුගතිය ලෙසයි. ඒ අනුව 10W-30 යනු ෆැරන්හයිට් අංශක 0 දි 10 ද ෆැරන්හයිට් අංශක 212 දි 30ක් ලෙසයි. එලෙස ගත් කළ 10W-30 ඔයිල් එකට වඩා 20W-50 ඔයිල් එකේ උකුගතිය වැඩිය. මොකද උකුගතිය වැඩි වන්නට ඔයිල් එකට සීතල හෝ උෂ්ණත්වය දරා ගැනීමේ හැකියාව වැඩිය. දැන් රේට් වෙන විදිහ තේරෙනවා ඇති කියලා හිතනවා.
ඒවගේම ඔයිල් එක රත්වන විට උකුගතිය අඩුවන අතර ඔයිල් එක සීතල වන්නට උකුගතිය වැඩිය. ඉතින් අපට වඩාත් වැදගත් වන්නේ ඔයිල් එක උකුවන තරමටය. මොකද ඔයිල් එකේ උකුගතිය අඩුවුවහොත් එන්ජින් කොටස් අතර ලිහිසි ගතියද අඩුවේ. ඒ නිසා අප වඩාත් සැළකිය යුත්තේ රේටින් එකේ දෙවන නොම්බරයයි. මොකද ඒකෙන් තමයි උෂ්ණත්වය කොච්චර දරාගන්න පුලුවන්ද කියලා පෙන්වන්නෙ. හැබැයි අනවශ්‍ය ලෙස උකුවීමෙන් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට කැරකීමට වැඩිබලයක් අවශ්‍යවේ. ඒ විතරක් නෙවෙයි වාහනේ ස්ටාර්ට් කරන්න අපහසු වෙනවා වගේම ඉන්ධන දහනයත් වැඩියි. ඒනිසා ඔයිල් සිසිල් වීමේදී උකුගතියත් බැලිය යුතුය.
දැන් අපි උදාහරණයක් බලමු. වාහනේ එන්ජිම ස්ටාර්ට් කරාම ඔයිල් රත්වෙන්න පටන්ගන්නවා. 10W-40 සහ 10W-30 යන ඔයිල් වර්ග දෙකෙන් 10W-30 ඔයිල් එකට වඩා 10W-40 ඔයිල් එකට ඉහළ උෂ්ණත්වයේදී උකුගතිය තබාගත හැක. මොකද එහි viscosity rating එකේ දෙවනි අගය 10කින් වැඩිය.
ඔයිල් කඩේකට ගිහින් බලන්න රක්කවල කොච්චර ඔයිල් වර්ග තියනවාද කියලා. විවිධ අරමුණු සඳහා විවිධ වර්ගයේ වාහන වලට ආපු ඔයිල් වර්ග පිරිලා. high-tech engines, අලුත් වාහන, දුර දුවන වාහන, බර වාහන, off-road SUVs, පෙට්‍රල් ඩීසල් වාහන මේවගේ විවිධ වාහන වලට ගැළපෙන ලෙස ඔයිල් වර්ග වෙළඳපලේ තියනවා. මේ ඔක්කොම ප්‍රධාන වශයෙන් කොටස් වෙන්නෙ viscosity එක අනුවයි. ඊට අමතරව තරමක් මිලෙන් අධික වාහන නිශ්පාදකයා විසින්ම නිපදවන ඔයිල් වර්ගත අපිට ගැනීමේ හැකියාව තියනවා.
මොනවද මේ විවිධ ඔයිල් වර්ග
Premium Conventional Oil
මේක තමයි අලුත් වාහන වලට දාන ඔයිල් එක. මේ වර්ගය යටතේ අඩු උෂ්ණත්වය සඳහා 5W-20 හෝ 5W-30 යන ඔයිල් වර්ගද ඉහළ උෂ්ණත්වය සඳහා 10W-30 ඔයිල් එකද එනවා. මේ ඔයිල් එක දාන්නෙ සැහැල්ලු වාහන වලට. ඒවගේම තමයි මේ ඔයිල් එක සහ ඔයිල් ෆිල්ටර් එක සෑම සැතපුම් 4000කට සැරයක් මාරුකළ යුතුයි.
Full Synthetic Oil
මේ ඔයිල් එක දාන්නෙ high-tech engines වලට. Mercedes-Benz, BMW මේ එන්ජින් ගණයට අයත් වෙනවා. මේ ඔයිල් වර්ගය ඉතා උසස්, දිගුකාලීන මෙන්ම කාර්යක්ෂමතාවයෙන්ද උපරිමයි. මේ ඔයිල් අඩු උෂ්ණත්වයේ හොඳින් ගලායන අතර ඉහළ උෂ්ණත්වයේදී ලිහිසි ගුණය හොඳින් ආරක්ෂා කරයි. ඒවගේම තමයි මේ ඔයිල් එක මිලෙනුත් අධිකයි.
Synthetic Blend Oil
synthetic ඔයිල් සහ organic ඔයිල් මිශ්‍රකළ ඔයිල් එකක් තමයි මේක. මේ ඔයිල් එක බර වාහන වලට වගේම අධික උෂ්ණත්වයට ගැළපෙනවා. ඒ කියන්නෙ මේ ඔයිල් එකේ වාෂ්පශීලී ගුණය අඩුයි. ඒනිසා ඔයිල් ලේසියෙන් අඩුවෙන්නෙත් නෑ. ඒනිසාම මේ ඔයිල් එක pickups/SUVs වලටත් භාවිත වනවා. මේ ඔයිල් එක full synthetic ඔයිල් එකට වඩා මිලෙන් අඩුයි.
Higher Mileage Oil
මේ ඔයිල් එක දුර දුවපු වාහන වලට ගැළපෙනවා. සාමාන්‍යයෙන් සැතපුම් 75000ට වඩා දුවපු වාහන වලට තමයි මේ ඔයිල් එක හොඳ. අලුතෙන් ගත්ත වාහනේ වගේ නෙවෙයි දුවලා දුවලා එන්ජිම පදම් වුනාට පස්සෙ ඔයිල් බින්දු 2-3 ගරාජ් එකේ බිම වැටෙන කාලෙ වෙනකොට එන්ජිම ඇතුලෙන් ගත්තොත් ක්‍රෑන්ක් ෂාෆ්ට් සීල් හොඳටම තදවෙලා, ඒවගෙ නම්‍යශීලී ගුණය නැතිවෙලා. ඉතින් higher Mileage ඔයිල් වල අඩංගු seal conditioners වලට පුලුවන් ඒ සීල්වල සිදුරු වහලා නැවත සීල් එකේ හැඩය යතා තත්වයට ගෙනැල්ලා නැවත නම්‍යශීලීතාවය වැඩිකරන්න. ඉතින් ලීක් එකත් අඩුවෙලා යනවා. ඒවගේම මේ ඔයිල් එකේ viscosity එකත් වැඩියි. මේ ඔයිල් එකේ ප්‍රතිඵල මොනවද? piston-to-cylinder clearances වැඩිකරනවා. ඊට අමතරව මෙහි අඩංගු antiwear additives, ගෙවීමේ ක්‍රියාවලියේ වේගය අඩුකරනවා.
ඒවගේම මේ ඔයිල් වල performance වැඩි කරන්න oil additives තියනවා. ඒ ගැන අපි ඉදිරි ලිපියකින් හමුවෙමු.

Tuesday, November 5, 2013

You must READ

ඔබ ක්‍රිස්තියානි ආගම අත්හැරියේ ඇයි? යන්න බොහෝ දෙනා මගෙන් අසන ප්‍රශ්නයකි. මම කුඩා කාලයේ පල්ලියට යාමට කැමැත්තක් නොදැක්වූවෙමි. නමුත් මට එහි යන්නට සිදුවුණි. මා ක්‍රමයෙන් වැඩන විට, මගේ දැනුම පුළුල් වනවිට දෙවියන් වහන්සේ පිළිබඳ මගේ හැඟීම් වෙනස් විය. මම අනෙකුත් ආගම් හදාරන්නට පටන් ගතිමි. බුදුදහම ගැන මට උසස් දැනුමක් ලැබුණි. එය විෂය දැනුමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික පුහුණුවෙන් ලද අවබෝධයකි. ඉස්ලාම් හා ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ට කුරානය හා බයිබලය නමින් ශුද්ධ ග්‍රන්ථ තිබේ. බෞද්ධයන්ට එක පොතක් නොවෙයි පුස්තකාලයක් ම ඇත. පාලි, සංස්කෘත හා චීන භාෂාවලින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ තිබේ. මහායාන, ථේරවාද හා තිබ්බත වශයෙන් ඒවා විවිධයි. ඒ සියල්ලම හැදෑරීම අනවශ්‍යයි. ඔබට කැමැති දෙයක් තෝරාගත හැකිය. ත්‍රිපිටකයේ එන සුත්ත නිපාතය හා ධම්මපදය අනුව කටයුතු කිරීම වුවත් බෞද්ධයකු වන්නට ප්‍රමාණවත් වෙයි. විශ්වාසය (Belief - බිලීෆ් ) සහ ශ්‍රද්ධාව ( Faith - ෆේත් ) යනුවෙන් ඉංගී‍්‍රසි වචන දෙකක් ඇත. විශ්වාසය අනුව හේතු සෙවීමක්, තර්ක කිරීමක් නොකොට සත්‍යය පිළිගැනීමයි. ඒ ගැන විමසිය නොහැක. දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කළ නොහැකිය. දේවවාක්‍ය ප්‍රශ්න කිරීමකින් තොරව ඇදහීම විශ්වාසය (Belief - බිලීෆ් ) යි. පොතපත කියවීමෙන්, හේතු සාධක සොයාගැනීමෙන් හා ප්‍රායෝගික පුහුණූවීමෙන් ලැබෙන අත්දැකීම් මත සිතෙහි ඇතිවන පැහැදීම ශ්‍රද්ධාව ( Faith - ෆේත් )යි. එය බුද්ධිමය පිළිගැනීමකි. බුදුරදුන් සැබැවින්ම බුද්ධත්වයට පත්වෙලාද? යන්න වුවත්, විමසා බලන්නට බුදුදහමෙහි අවසර ඇත. යම් කෙනෙකු බුදුදහම පිළිගන්නේ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නා දැනුම පදනම් කරගත් ශ්‍රද්ධාවෙනි. ඒ අනුව විශ්වාසය හා ශ්‍රද්ධාව යන වචන දෙකෙහි තේරුම වෙනස්ය.විශ්වාසය මඟින් සිදුවන්නේ අපේ බුද්ධිය පටු සීමාවක් තුළ කොටුවීමකි. එය මනුෂ්‍යත්වයේ වර්ධනයට බාධාවකි. ශ්‍රද්ධාව මත පිහිටා තිබෙන බුදුදහම විවෘත යි. නිදහස් දෙයකි. මම දෙවියන් වහන්සේ විශ්වාස නොකරනවා නම්, මම තවදුරටත් කිතුනුවකු නොවෙයි. බෞද්ධයන් යාච්ඥා කරන්නේ නැත. බුදුරදුන්ගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඔවුන් සිදුකරන්නේ වන්දනාවයි. එය බුදුරදුන් කෙරෙහි පැහැදීම නැතිනම් පැහැදිලිවීම නිසා ඇතිවන ශ්‍රද්ධාවෙන් සිදුකරන ;ගෟරවයකි. බුදුරදුන්ගේ ප්‍රඥාා ශක්තියට ප්‍රශංසාවකි. බටහිර ජනයා අලුත් ආගම් සොයා එන්නේ පැරණි ආගම ගැන අමනාපයෙන් ද? යන්න මගෙන් අසන ප්‍රශ්නයකි. එහෙම පිරිසක් සිටින්නට පුළුවනි. මැවුම්කාර දෙවියන් පිළිබඳ විශ්වාසය බිඳ වැටීම නිසාත්, එවැනි වෙනස් වීමක් සිදුවෙයි. ඇතැමුන් අදේවවාදි පැත්තට නැඹූරු යි. ඒ අය යොමුවන්නේ බුදුදහම දෙසටය. අනෙක් කරුණ තමයි ක්‍රිස්තියානි ආගමේ පිළිපදින්නට තිබෙන දේවල් අඩුයි. බුදුදහමේ පිළිපැදීමට තිබෙන කාරණා බහුල යි. ඒ පිළිපැදීම් මඟින් ජීවිතයේ හා මනසේ වෙනසක් සිදුවෙයි. එවැනි අලුත් අත්දැකීම් ලබාගැනීමට කැමැති පිරිසක් බටහිර රටවල සිටිති. ජේසුතුමා බඩුමුට්ටු පටවාගෙන රටින් පිටවන අකාරයේ කාටුන් චිත්‍රයක් මම ජර්මනියේ සඟරාවක දුටුවෙමි. එහි මාතෘකාව වුණේ ක්‍රීඩාවෙන් පැරදීම යන්නයි. අතීතයේ ක්‍රිස්තියානි ආගමට විශාල ශක්තියක් තිබුණි. අනෙකුත් ආගම් ඇදහීම එයින් පාලනය කෙරුණි. දඬුවම් පැනවුණි. දැන් ඒ තත්ත්ව වෙනස් වී ඇත. අනිකුත් ආගම් ගැන දැන ගැනීමට විවිධ මාධ්‍යයන් පවතියි. බෞද්ධ හා හින්දු ආගම් අදහන අය බටහිර රටවල පදිංචිව සිටිති. බුදුුදහම බටහිර ලෝකයේ ප්‍රචලිත වන්නේ ඒ හේතුවෙනි. මගේ මිතුරකු ඔහු ගැන මට හඳුන්වා දුන්නේ ඔහු උපතින්ම බෞද්ධයෙක් යනුවෙනි. ධර්මය ගැන තේරුමක් අවබෝධයක් නොමැතිව කුඩා දරුවකු බෞද්ධයකු වන්නේ කොහොමද? බෞද්ධයකු වීම ආධ්‍යාත්මික වර්ධනයක් තුළින් සිදුවිය යුත්තකි. ආගම මව්පියන්ගෙන් ලැබුණු දෙයක් වුවත්, කෙනෙකුට වෙනත් ආගමක් පිළිපැදීමට අයිතියක් තිබේ. බෞද්ධයකු වන්නේ කෙසේද? එය සරලව මෙන්ම සවිස්තරවපිළිතුරු දියහැකි ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් බුද්ධ, ධම්ම හා සංඝ යන තෙරුවන් සරණ යාමෙන් බෞද්ධයකු බවට පත්වෙයි. නමුත් එය තහවුරු වන්නේ තෙරුවන් අනුගමනය කිරීමෙනි. බුදුදහමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ ධර්මය පිළිපැදීමෙන් පමණයි. පැවිදි බව කියන්නේ ජීවිතය මුළුමනින්ම ධර්මය කෙරෙහි යොමුකිරීමකි. එය ප්‍රසිද්ධියේ පොරොන්දු වීමකි. පැවැදි නොවී ගිහි බෞද්ධයකු ලෙස ද ජීවත් විය හැක. භාවනාව, පිරිසුදු ජීවිතය හා පන්සිල් රැකීම ගිහි බෞද්ධයකුගේ පිළිවෙතයි. ලංකාව, තායිලන්තය, චීනය ආදි රටවල බුදුදහම තිබේ. ඒ ඒ රටවල අනුගමනය කරන බෞද්ධ සිරිත්, විරිත් සම්ප්‍රදායන්හි වෙනස්කම් පවතියි. ඒ රටවල් භූගෝලීය වශයෙන් වෙන්ව පැවතීම එයට එක් හේතුවකි. කාතෝලික ආගම පාලනය කරන වතිකානුව මෙන් බුද්ධාගම පාලනය කරන මාධ්‍ය ඒකකයක්, මූලස්ථානයක් නොමැතිකම බුදුදහම මුල්කරගත් සංස්කෘතිය හා සම්ප්‍රදාය නිදහසේ සංවර්ධනය වීමට තවත් හේතුවකි. එවැනි වෙනස්කම් තිබුණත්, කර්මය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි මූලික බෞද්ධ ඉගැන්වීම් සෑම රටකම නොවෙනස්ව පවතියි. බුදුදහම ජීවන මාර්ගයක් යැයි හඳුන්වන්නට මම ඉක්මන් නොවෙමි. එය ආධ්‍යාත්මය තේරුම් ගැනීමට මඟ පෙන්වන ප්‍රායෝගික ක්‍රියා පිළිවෙතකි. බුදුදහමෙහි සඳහන් භාවනාව කෙරෙහි දිනපතා යොමුවන්නේ නැතිනම් , එයින් ප්‍රතිඵල ලබාගත නොහැක. තමන්ගේ ජීවන රටාව අනුව භාවනාවේ යෙදීම අමාරු බව සමහරු කියති. දිනකට විනාඩි විස්සක් භාවනාවේ යෙදෙන්න. එම කාලය ක්‍රමයෙන් වැඩි කරගන්න. මිනිස්සු විවිධයි. භාවනාවෙන් මනස වෙනස් කෙරෙන නිසා සමහරු භාවනාවට භයයි. ඇතැමුන්ට භාවනාව ගැන වැරැදි වැටහීමක් ඇත. ඔවුන් සිතන අන්දමට භාවනාව යනු ජීවිතයෙන් පලායාමකි. ඒ විවේචන කරන අයගේ කටයුතු දිහා බැලුවත්, ජීවිතයෙන් පලායාමක් දකින්නට පුළුවන. පැය දෙක තුනක් රූපවාහිනිය දෙස බලා සිටීම සැබෑ ජීවිතයෙන් පලායාමක් නොව්ද? එසේම මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිදුවන්නේ සාමාන්‍ය ලෝකයෙන් වෙන්වීමක් නොවේද? ඔබ එවිට ජීවත්වන්නේ සැබෑ ලෝකයේ නොවේ. එහෙත් භාවනාව එවැනි දෙයක් නොවේ. භාවනාවෙන් සිදුකරන්නේ අපේ ජීවිතයට සමීපව එබී බැලීමකි. වයස්ගත, අසනීපයෙන් පසුවන අපට ජීවත්වන්නට සිදුවන්නේ අනුන්ගේ උපකාරයෙනි. අසනීපයෙන් නැතිනම් වයස්ගතව සිටින කෙනකුට වුවමනා දෙය වෙලාවට නොලැබුණොත්, නොසන්සුන් බවක්, තරහක් සිතේ ඇතිවෙයි. ඔහුට නිතරම පෙනෙන්නේ සාත්තු සේවකයන්, පවුලේ පිරිස, දරවන් කරන හැමදේම වැරැදි විදියට යි. ඔවුන්ට විරුද්ධව මැසිවිලි නැඟීම, දොස් කීම, පැමිණිලි ඉදිරිපත් කිරීම එවැනි අයගේ පුරුද්දකි. හිතුවක්කාර මුරණ්ඩු ගති මතුවෙයි. මා සිතන පරිදි, කෙනකු කයික වශයෙන් පිරිහෙන්නට පෙර භාවනාව මඟින් මානසික ශක්තිය ගොඩනගා ගෙන තිබුණා නම්, රෝගී වනවිට, වයස්ගත වනවිට ඇතිවන නොසන්සුන් බව, කෝපය, ගැටුම්කාරී ස්වභාවයන් පාලනය කරගන්නටත්, මානසික ශක්තියක් ගොඩනඟා ගන්නටත් ඔහුට හැකියාවක් ලැබෙයි. මොකද? මේ ජීවිතයේ ඉදිරියට මුහුණ දෙන්නට සිදුවන දේවල් හා ජීවිතයේ අනිත්‍යතාවය ගැන අවබෝධයක් භාවනාවෙන් පුද්ගලයකුට ලැබෙන බැවිනි. බුදුදහම අනුගමනය කිරීමේ දී පෞද්ගලික උපදේශකයකු ද සිටිය යුතුදැයි? යි සමහරු අසති. අතීතයේ දී වර්තමානයේ තරම් ධර්මය දැනගන්නට පහසුකම් තිබුණෙත් නැත. ඒ නිසා කිසියම් ධර්මෝපදේශකයකු සොයා යාමට සිදුවුණි. දැන් පුද්ගල සම්බන්ධතා, පොත්පත් හා ධර්මය උගන්වන මධ්‍යස්ථාන බහුලව ඇත. එමඟින් ධර්මය දැනගන්ට පහසුයි. හැම දෙයක්ම පියවරෙන් පියවර පෙන්වා දීම සමහරුන්ට උවමනා කරයි. එහෙත් බුදු දහමේ හැම දෙයක් ම එසේ කළ නොහැකියි. මොකද? ආධ්‍යාත්මික වර්ධනය යනු මනස දියුණුු කරගැනීමේ දී තමන්ගේ ම අත්දැකීම් මත ප්‍රායෝගිකව ගොඩනගා ගත යුත්තක් නිසයි. ඔබ කලක් ධර්මය අනුව පුහුණු වනවිට ඔබම ඔබගේ ගුරුවරයා බවට පත්වෙයි. ඊළගට ගතයුතු පියවර ඔබට ම වැටහෙයි. සද්ධිවිහාරිකයන් සමග ඔබේ අත්දැකීම් හා ගැටලු සාකච්ඡා කළහැක. එවිට ඒ අය ඔබට මඟ පෙන්වනු ඇත. (භන්තේ සංඝරක්ඛිත හෙවත් ඩෙනිස් පිලිප් මහතාගේ දේශන ඇසුරෙනි.)


Friday, September 27, 2013

short story

years ago.....a person names jerry got dared to sleep in a house that was believed to be haunted. The next day his friends waited for him outside the house..... They had to go inside and search for him. They went through every room but the attic. He wasn't suppose to sleep in the attic. He was suppose to sleep in the living room they went to the attic. They found jerry's corpse and they left because they got scared. But that night all died because of their friend. He killed them all for making him sleep in the house if you don't send this to 11 comments you will die tonight by jerry.Example 1: a man named Stewart read this and didnt believe it. He shut off his computer and went through his day. That night while he was in bed he heard something out his door. He got up to look his dead now. Example 2:a girl named Haley read this in the morning and she got scared but she didn't send it. She went to school ( she was only 13 years old) and that night she died. If you don't post this to 11 comments tonight Jerry will visit you and he isn't fake. Apparently if you copy and paste this to 11 comments in the next ten minutes you will have the best day of your life tomorrow. You will either get kissed or asked out, if you brake this chain you will see a little dead girl in your room tonight. In the next 53 minutes someone will say I love you

Tuesday, September 17, 2013

Mind Power

Money is Your Reward for Serving Others


The paper you fold and place in your purse or pocket is not money. It is paper with ink on it. It represents money, but it is not money. Money is an idea. The earning of money has nothing to do with the paper stuff, it has to do with consciousness.
To accumulate wealth, a person must become very comfortable with the idea of money. That may sound strange, however most people are not comfortable with the idea of money, which is why they do not have any. The cause of poverty is poverty consciousness. A poverty consciousness will cause a person to see, hear, think and feel ... lack and limitation.
The late Mike Todd said, ''Being broke is a temporary situation. Being poor is a mental state.''
He was correct. There are wealthy people who lose every cent they have through a series of mistakes in judgment, but that does not make them poor. They will have it all back in a short time because of their prosperity consciousness.
Many years ago, George Bernard Shaw expressed his thoughts on money. People have such strong views on both of these statements, I purposely use them in my seminars to cause the attendees to think.
1. It is the duty of every person to be rich.
2. It is a sin to be poor.
Before you reject these as being ridiculous, let's analyze them. To fully understand what Shaw was saying, you must have an open mind. There is a law that states everything is moving, absolutely nothing rests. You are either moving ahead in life or going in reverse ... growing or dying ... creating or disintegrating, becoming richer or poorer.

Mind Power

Mind Power News Will Update.... i will Post news by articles... Hold on..... Thank YOU

Monday, September 9, 2013

Naughty JOKES

Two neighbours are chatting over the garden wall.
“When my husband comes home from work tonight, he’ll
probably bring me a huge bunch of flowers.”
“Oh isn’t that nice, you are lucky.”
“No, not really. He’ll expect me to take all my clothes off
and be on the floor with my legs in the air.”
“Oh dear, why’s that? Haven’t you got any vases?” :o :o

:D :D

Short joke

“I would like to be painted in the nude” said the beautiful
young girl to the famous artist.
“Okay” replied the artist, “but I’ll have to keep my socks on
so I have somewhere to put my brushes.”